යොවුන් පාර්ලිමේන්තු මංගල සැසිය අද ආරම්භ වේ..

සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (25) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේ පිහිටි විශේෂ පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ආරම්භ වීමට නියමිතය.
මංගල සැසිවාරය අද සහ හෙට (26) යන දෙ දින තුළ පැවැත්වෙන අතර “රජයේ ඉදිරි ආර්ථික කටයුතු සැලසුම් සඳහා තාරුණ්‍යයේ දායකත්වය කෙසේවිය යුතු ද” යන මාතෘකාව එහිදී විවාදයට ගැනීමට නියමිතව ඇත.
සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු පිරිසගේ දිවුරුම්දීම් ද අද සිදු වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top