විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අද සිට ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත්‍ර යොමු කළ හැක..

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත්‍ර යොමු කිරීමේ කටයුතු අද ආරම්භ වේ.

www.ugc.ac.lk වෙබ් අඩවිය ඔස්සේ අද සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසා තිබේ. ඒ සඳහා වන අත්පොත ද මේ වන විට නිකුත් කර ඇති බව එහි සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා මහතා පවසා තිබේ.

අත්පොත ලබා ගැනීමෙන් පසුව ඒ පිළිබඳ නිසි දැනුමක් ලබා ප්‍රදේශයේ නැණසල වෙත ගොස් ඔන්ලයින් ක්‍රමයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත්‍ර යොමු කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

පෙබරවාරි මස 20 වනදා දක්වා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයඳුම්පත්‍ර භාරදිය හැකි බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top