වංචා දූෂණ සම්බන්ධයෙන් රජය කිසිවක් යට‍පත් කරන්නට කටයුතු කරන්නේ නැහැ – ගයන්ත කරුණාතිලක

වංචා දූෂණ සම්බන්ධයෙන් රජය කිසිවක් යට‍පත් කිරීමට උත්සහා නොගන්නා බවත් නීතිය හරිය විදියට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

ඊයේ (25) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ලබාදෙමින් මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම , නීතිපතිවරයාට යොමු කිරීම සහ ජනාධිපති කොමිසමක් පත් කිරීම සිදු කර තිබෙන බව ද හෙතෙම පෙන්වාදී තිබේ.

ජනාධිපති කොමිසම සමඟින් ඒ සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත වාර්තාවක් ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා කළ අතර ඉදිරියේදී සියලු වංචා දූෂණ සම්බන්ධයෙන් ජනතාවට දැන ගැනීමට හැකි වනු ඇතැයි ද වැඩිදුරටත් පවසා තිබේ..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top