කිලිනොච්චිය කට්ටෙයි ප්‍රදේශයේදී අද පස්වරුවේ යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් තරුණයකු සිද්ධිය ස්ථානයේදීම මියගොස් තිබේ.
යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. යතුරුපැදියේ පැමිණි තරුණයා අනතුර සිදුවූ ස්ථානයේදීම මිය ගොස් ඇති බවත්, මියගිය තරුණයාගේ අනන්‍යතාවය ගැන මෙතෙක් සොයාගෙන නොමැති බවත්, කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
