මෙරට වන ඝණත්වය සියයට 32 දක්වා වර්ධනය කිරීමට පියවර ගැනේ – ජනාධිපති

දැනට සියයට 27ක් 28ක් අතර පවතින මෙරට වන ඝණත්වය ඉදිරි වසර 04 තුළ සියයට 32 දක්වා වර්ධනය කර ගැනීමට පරිසර අමාත්‍යවරයා ලෙස තමන් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (27) දින කොළඹ ආනන්ද විද්‍යාලයේ හරිත පාසල් වැඩසටහන යටතේ ඉදි වූ ජීවවායු, කාබනික පොහොර, හරිත වගා හා සූර්ය බලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ලෝකයේ අනෙකුත් රටවල් සේම අපේ රටේ ද සිදුව ඇති පරිසර හානිය හේතුවෙන් මතුව ඇති දේශගුණික සහ කාලගුණික තත්ත්වයන් සමග මිනිසා ප‍්‍රමුඛ සියලු සතුන්ට ජීවත්වීම පිළිබඳ අභියෝගයකට මුහුණදීමට සිදුව ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top