සිංහල , දෙමළ ,මුස්ලිම් ජනයා වෙන් කිරීමෙන් ගැටුම් මතුවෙයි

සිංහල , දෙමළ මුස්ලිම් ජනතාව ඔවුනොවුන්ගෙන් වෙන් කිරීමට උත්සාහ කළ සෑම අවස්ථාවකදීම මෙරට තුළ ගැටුම් හටගත් බව. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පිළියන්දල ,සිද්ධමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙරට තුළ පැවැති සභ්‍යත්වය සහ සාරධර්ම ක්‍රමයෙන් ඇත්වෙමින් පවතින බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top