තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇමතුම් පරික්‍ෂණයට

– Global Tamil News –

තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇමතුම් පරික්‍ෂණයට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ‍ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද (03)කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ තාජුඩීන් ඝාතනය සිදුවූ දිනයේ නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු දුරකථන ඇමතුම් ගැන පරීක්ෂණ සිදුකරන බවයි.

එදින ලැබී ඇති ඇමතුම් අතර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ද ඇමතුම් කිහිපයක් ලැබී ඇති බව තහවුරු වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකරන බව රජයේ නීතිඥවරයා මෙහිදී අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව ලබාගත් සී.සී.ටී.වී දර්ශන කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා පරීක්ෂණාගාරය වෙත යැවීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ කොටුව අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් විසින් සැකකරුවන් ලබන 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top