කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලැබේ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක, ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදී තිබේ.

පෙබරවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුට මෙලෙස ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රකාශයට පත්කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ මුල් පෙළ ක්‍රියාකාරිකයෙකු වූ ඒ මහතා ජීවිත තර්ජන හේතුවෙන් විදේශගත වී ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගෙන තිබූ අතර, 2011 වසර මෙරට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන යළි ඔස්ට්‍රෙලියාවට පිටුවහල් කර තිබුණි. අනතුරුව 2015 වසරේ යළි දිවයිනට පැමිණි ඔහුව ආගමන විගමන නීතිය උල්ලංඝණය කරමින් මෙරට රැදී සිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන වසරක සිරඳඩුවමක්ද නියම කෙරුණි.

මේ අතර, වෙනත් රටක පුරවැසිභාවය අහෝසි කර ලංකාවේ පුරවැසිභාවය පනමණක් හිමිවන ආකාරයෙන් කුමාර් ගුණරත්නම් මහතා මෙරට පුරවැසිභාවය සඳහා අයදුම් කර තිබූ බවත්, ඒ අනුව මෙරට පුරවැසිභාවය කුමාර් ගුණරත්නම් මහතාට ලබාදීමට පියවර ගත් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top