බෝවන රෝග විද්‍යායතනයේ පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාගාරය ජනතා අයිතියට

අයිඩීඑච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඉදි කළ පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාගාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (02) පෙරවරුවේ විවෘත කෙරිණි.
ශ‍්‍රී ලංකා යුද හමුදාවේ අනුග‍්‍රහයෙන් ඉදිකිරීම් සිදුකර ඇති මෙම පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සකස්කර ඇත්තේ ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීමේ මූලික අරමුණිනි.
ඉදිකිරීම් සඳහා සැපයූ දායකත්වය අගය කරමින් බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතාට සහ එම රෝහලට හෙද නිලධාරීන් යොමු කිරීම වෙනුවෙන් නාවික හමුදාව වෙත ජනාධිපතිතුමා අතින් සමරු තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top