දෙවැනි එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 121කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (01) සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් කළ අාරාධනය අනුව මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 307 ක් ලබාගත් අතර ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 117 ක් සහ ෆ්ලැෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 105 ක් ලබාගනිමින් ශතක වාර්තා කරන ලදී. සුරංග ලක්මාල් ලකුණු 54කදී කඩුලු 2ක් බිඳ දැමී ය.

ලකුණූ 307 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 37.5 ක් තුළ සියළු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 186ක් පමණි.

ඒ අනුව තරග 5කින් සමන්විත තරගාවලිය දකුණු අප්‍රිකාණු කණ්ඩායම මේ වන විට 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top