තොරතුරු පනත ක්‍රියාත්මකයි..

තොරතුරු දැනගැනීමේ පනත අද (03) සිට ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ හරහා ආණ්ඩුව මහජන බදු මුදල් භාවිතයෙන් සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව සහ රජයේ තොරතුරු පුරවැසියාට ලබාදීමට ආණ්ඩුව බැදී සිටියි.

ඒ අනුව අද (03) සිට පුරවැසියන්ට තොරතුරු ඉල්ලීමේ හැකියාව ඇති බවත් ඒසඳහා තොරතුරු නිළධාරීන් පත්කර ඇති බවත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යාංශය පවසයි.

තොරතුරු නිලධාරීන් පත්කර නොමැති ආයතනවල ආයතන ප්‍රධානියා එම තොරතුරු ලබා දීමේ වගකීමෙන් බැඳී ඇති බවත් විශයයන් 21ක් යටතේ තොරතුරු ලබා දීම අත්හිටුවා ඇති බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top