GMOA නියෝජිතයින් ජවිපෙ හමුවෙයි

දූෂිත සයිටම් ආයතනය ගැන සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අද(06) දිනයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

පැලවත්තේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර දේශපාලන පක්ෂයක් ලෙස සයිටම් ආයතනයට එරෙහිව මේ වනවිට කටයුතු කරමින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. පසුගියදා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක  මහතා මාධ්‍ය හමුකදී ප්‍රකාශ  කර සිටියේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට සූදානම් බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top