සයිටම් විරෝධයට ජ.වි.පෙ. සහාය

රෝගී ජීවිත අනතුරට ලක්කරන සහ රටේ සෞඛ්‍ය සේවාව අනතුරට ලක්කරන මාලබේ සයිටම් ආයතනය පරාජය කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

සයිටම් ආයතනය පරාජයට පත්කිරීමට පෙළ ගැසෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව ඉදිරියේදී කටයුතු කරන බව එම පක්ෂයේ නායක අනුරකුමාර දිසානායක පවසා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ඊයේ (06) පැවැති සාකච්ඡාවකින් අනතුරුව හෙතෙම මේ බව පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top