මැලේරියා රෝගය පැතිරයාම වැළැක්වීමේ අරමුණින් කච්චතිව් දුපත්වල විශේෂ වැඩසටහන්

මැලේරියා රෝගය පැතිරයාම වැළැක්වීමෙි අරමුණින් යාපනය කච්චතිව් දුපත් හී ලබන සතියහි ඇරඹෙන දේවස්ථාන මංගල්‍ය සදහා පැමිණෙන බැතිමතුන් ආරක්ෂා කර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එචි.ඩි.බී හේරත් මහතාට උපදෙස් ලබාදි ඇති බව වාර්තාවේ.

මන්නාරම පේසාලේ ප්‍රදේශයේ ලිඳකින් නව මැලේරියා මදුරුවෙකු සොයා ගැනීමත් සමග සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි පිළිබද සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී ඇත. කච්චතිව් දුපතේ පැවැත්වෙන උත්සවයට ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගි වෙති. එම නිසා රෝගය පැතිරයාමෙි අවධානමක් පවතින බැවින් අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top