මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (SAITM) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.
සයිටම් ආයතනයේ සිට මීටර් 700ක් පමණ දුරින් පිහිටි චන්ද්‍රිකා කුමාරතුංග මාවත අසල දී දී ෆුල්ෆේස් හෙල්මට් පැළඳ පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි ද සිද්ධියෙන් කිසිවකුට හෝ හානි සිදුව නැති බවත් පොලිසිය පවසයි. සේනාරත්න මහතාගේ රියේ ඉදිරිපසට හා පිටුපස දොරට වෙඩි ප්‍රහාර එල්ලවී ඇතැයි කියති.
සේනාරත්න මහතා රාජකාරි නිමකර රාජගිරියේ පිහිටි සිය නිවස බලා යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි වාර්තාවේ.