කාරයිනගර් මුහුදු තීරයේ දකුණේ ධීවරයන් – නාවික හමුදා සහාය ඇතිව තහනම් ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරතවෙයි..

යාපනය කාරයිනගර් ප්‍රදේශයේ දකුණේ ධීවරයන් නාවික හමුදාවේ සහාය ඇතිව තහනම් ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරතවන බවට එම ප්‍රදේශයේ ධීවරයන් පවසයි.

මීගමුව, පුත්තලම යන ප්‍රදේශවලින් පැමිණි ධීවරයන් නාවික හමුදාවේ සහාය ඇතිව මෙලෙස බහුදින යාත්‍රාවලින් කාරයිනගර් ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවන බව වාර්තාවේ.

කාරයිනගර් මුහුදු ප්‍රදේශය කුඩා මුහුදු තීරයක් බැවින් එහි බහුදින යාත්‍රා මඟින් ධීවර කටයුතු සිදු කිරීමෙන් ප්‍රදේශයේ ධීවරයන් දැඩි ලෙස බාධාවට පත්ව තිබේ. ඉකුත් ධීවරයන් කාරයිනගර් ප්‍රදේශයේ නාවික හමුදාව භාවිතා කරන ජැටිය භාවිතා කර ධීවර කටයුතුවල නිරතවන බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top