ඇවන්ගාර්ඩ් ගැන වූ නඩුවට ගෝඨාබයගෙන් ප්‍රකාශයක් ගනියි..

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රජයට බිලියන 11.4ක අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුවට අදාළය ප්‍රකාශ ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මතා අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

පසුගිය දෙසැම්බර් 01 දින එම නඩුව පැවති අවස්තාවේදී එය අද දින දක්වා කල්තැබූ අතර ඒ අනුව අද නඩුවට පෙනී සිටීමට සඳහා ඔවුන් අධිකරණයට පැමිණි අවස්ථාවේදී ය.

මෙහි එක් සැකකාරියක් වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේතෙක් අත්අඩංගුවටගෙන නැති අතර ඇය රාජ්‍ය සේවක නීතී රීති උල්ලංඝණය කරමින් නීතිවිරෝධී ලෙස විදේශගත වී සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top