මෙවර ජගත් මානව හිමිකම් සැසිවාරයේදී බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක්

බ්‍රිතාන්‍යාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ. එළඹෙන 27 දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරය ආරම්භවීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවකට බ්‍රිතාන්‍ය අනුග්‍රහය ලබාදීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

යුද අපරාධ සම්බන්‍ධ වගවීමේ කටයුතුවලට කාල අවකාශයක් ලබාදීමේ යෝජනාවක් මෙලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව පැවැසේ. එම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා සමුළුව ඇමතීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 34 වැනි සැසිවාරය මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ෂෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 27 දා සිට මාර්තු මස 24 දා දක්වා පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top