ලංකාවට කාල සීමාවක් ලබා දෙනවා නම්, එක්සත් ජාතින්ගේ අධීක්‍ෂණය අවශ්‍යයි – සම්බන්‍ධන්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මත කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කාල සීමාවක් ඉල්ලා සිටීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා රජය පවසා තිබෙන අතර, එලෙස කාල සීමාවක් ලබා දෙනවා නම් එම යෝජනාව ක්‍රියාක්මක කිරීමේ කටයුත්ත එක්සත් ජාතීන් සංවිධානයේ අධීක්‍ෂණයක් යටතේ සිදුකළ යුතු ආකාරයක යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසා තිබේ.

අවසන් යුද්දයේදී සිඳුවූ බව කියන ජාත්‍යන්තර අපරාධ ගැන වගවීමේ කටයුතුවලින් රජය පසුබසින බවත්, එක්සත් ජාතින් මානව හිමිකම් සභාවට ලබාදුන් පොරොන්දු උල්ලංඝණය කරන අයුරින් රජය මෙලෙස කටයුතු කිරීමේ හේතුවෙන් දෙමළ ජනතාව අතර රජය කෙරෙහි අතෘප්තිපයක් ඇතිවී තිබෙන බව සම්බන්‍ධන් මහතා පෙන්වාදී තිබේ.

තවද දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණය, ඉඩම් නිදහස් කිරීම ඇතුළු ප්‍රශ්ණ රැසකට මෙතෙක් විසඳුමක් නොලැබී තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකාවට තවඳුරටත් කාල සිමාවක් ලබා දෙනවා නම් එයට එක්සත් ජාතීන් සංවිධානයේ අධීක්‍ෂණයක් අවශ්‍ය බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 34 වැනි සැසිවාරය මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ෂෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 27 දා සිට මාර්තු මස 24 දා දක්වා පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top