තාවකාලිකව වසා දමන ලද රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ලබන 20 දා සිට යළි විවෘතයි..

ගම්වැසියන් සහ ශිෂ්‍යයින් අතර ඇතිවූ ආරවුල් තත්ත්වයක් මත පසුගිය 04 වනදා සිට තාවකාලිකව වසා දමන ලද රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ තුනක් ලබන 20 වන දා සිට නැවත විවෘත කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල පාලානාධිකාරිය පවසා සිටියි.

ඒ අනුව තාක්ෂණ පීඨය, විද්‍යා පීඨය සහ ධීවර සාගර විද්‍යා හා තාක්ෂණ පීඨය යන පීඨ තුන ලබන 20 වන දා සිට අධ්‍යයන කටයුතු සදහා විවෘත වනු අැති අතර 19 වනදා සිසුන්ට නේවාසිකාගාර වෙත පැමිණෙන ලෙස දැනුම් දී අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top