මුදල් ඇමැතිට එරෙහිව අල්ලස් කොමිෂන් සභාවට පැමිණිල්ලක්

මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ.

ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි අටවන හෙළිදරව්ව. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව අද (15) දිනයේ සිදු කරන බව ඒකාබද්ධ විපකෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබේ.

වාහන කැබලි කර ගෙන්වා එකලස් කර විකිණීමේ චෝදනාව මත මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top