කේප්පාපිලවු ඉඩම් නිදහස් කරන්නැයි ජනාධිපති, හමුදාවට නියෝග කරයි..

කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුදාවට නියෝග කර තිබේ. ඉන් අනතුරුව කඩිනමින් ඉකුත් ඉඩම් නිදහස් කරන බවට හමුදාපති ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවට රජයේ තොරතුරු දෙපාර්තුමෙන්තුව සඳහන් කරයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩි.එම්. ස්වාමිනාදන් මහතා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් හමුදාව භාවිතා කරමින් සිටින අතර, තම ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව අඛණ්ඩ අරගලයක නිරතව සිටීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top