හමුදාව යටතේ තිබෙන ජනතා ඉඩම් නිදහස් නොකිරීම ගැන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සමඟ සාකච්ඡාවක්..

උතුර නැගෙනහිර පළාත්වල හමුදාව යටතේ පවතින ඉඩම් යුද්දයෙන් පසු මෙතෙක් නිදහස් නොකිරීම සම්බන්‍ධයෙන් නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇතුළු නියෝජිතයන් අතර වූ හමුවකදී සාකච්ඡා කර තිබේ.

හමුදාව යටතේ තිබෙන දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම තුළින් සුළු ජාතින්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වන බව එම සාකච්ඡාවදී පෙන්වාදී තිබේ.

නැගෙනහිර පළාත් මහ ඇමැති හෆිස් නසිර් අහ්මද් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ටවුරිස් අතරවූ සාකච්ඡා හමුව අද දින ත්‍රිකුණාමලය පිහිටි මහ ඇමැති කාර්‍යාලයේදී පැවැත්වුණි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම ගැන ද එහිදී සාකච්ඡා කළ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top