බුදුදහම සුරක්ෂිත කර පෝෂණය කිරීමේ වගකීම රජය ප‍්‍රායෝගික ලෙස කි‍්‍රයාවට නංවනවා – ජනපති

බුදු දහම සම්බන්‍ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ලිඛිතව සඳහන් කර ඇති කරුණු තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා සේම එය ලිඛිත කරුණුවලට පමණක් සීමා නොකොට බුදුදහම පෝෂණය කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම් වඩා ප‍්‍රායෝගික ලෙස කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (15) දින කෑගල්ල, නාපේ ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහම සම්බන්ධයෙන් සඳහන් කරුණු ලිඛිත කරුණු වලට පමණක් සීමා නොකොට බුදු දහම පෝෂණය කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම වඩා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top