අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කරන බවට අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසයි..

අවසන් යුද්දයේදී බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් ගැන තොරතුරු හෙළිකරන ලෙසත්, ශ්‍රී ලංකා රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කල් දිගුවක් ලබා නොදිය යුතු බවත් අවධාරණය කර අඛණ්ඩ විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර ඇති බවට අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා තිබේ.

ලබන 20 වනදා සිට කිලිනොච්චියේදී මෙම විරෝධතාවය ආරම්භ කරන බවත්, 21 වනදා එක්සත් ජාතීන් සංවිධානයේ ලේකම්වරයා වෙත යැවීමට සන්දේශයක් ද භාරදීමට තීරණය කර ඇති බවද ඔවුන් පවසා තිබේ.

යහපාලනය සහ දේශපාලකයන්ගේ පොරොන්දු විශ්වාස කර රැවටීමට ලක්වූ බව පවසා සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන් තම ඥාතීන් පිළිබඳ තොරතුරු හෙළි කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතු යැයි ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top