වසීම් තාජුදීන් ඝාතනය – හිටපු ස්ථානාධිපතිට ඇප

රගර් ක්‍රිඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතාට මහාධිකරණය විසින් ඇප නියම කර තිබේ.

අදාළ චෝදනා මත ඒ මහතා 2016 වසරේ අප්‍රේල් මස 20 වන දින අත්අඩංගුවට ගෙන මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. අදාළ නඩුව අද (16) විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ මහාධිකරණය විසින් ඉහත තීන්දුව ලබා දෙන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top