තමිල්නාඩුවේ 13වන මහ ඇමැතිවරයා ලෙස එඩප්පාඩි පලනිච්සාමි දිවුරුම් දෙයි..

තමිල්නාඩු ප්‍රාන්තයේ 13 වන මහඇමතිවරයා ලෙස අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්ෂයේ (ADMK) ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන එඩප්පාඩි පලනිච්සාමි ප්‍රාන්ත ආණ්ඩුකාර විද්‍යාසාගර් රාවෝ ඉදිරියේ අද (16) දිවුරුම් දුන්නේය.

ඔහු සමඟ අමාත්‍යවරුන් 30 දෙනෙකුද දිවුරුම් දී තිබේ. මහ ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් පලනිච්සාමිට දින පහළොවක් ඇතුළත ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලය තුළ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගැනීමේ යෝජනාවක් සම්මත කරගන්නා ලෙස ආණ්ඩුකරවරයා දැනුම් දී තිබේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top