පළාත් පාලන වාර්තාව හෙට ගැසට් කරයි

පළාත් පාලන සීමා නිර්ණ වාර්තාව හෙට දිනයේදී (17දා) ගැසට් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

ජනාධිපති විසින් පත්කළ කමිටුව විසින් සීමා නිර්ණ වාර්තාව ඉකුත් ජනවාරි මස 17වනදා විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදුන් නමුත්, අක්ෂර දෝෂ නිවැරදි කිරීම සහ පරිවර්තනවල නොගැලපීම් ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් එම වාර්තාව ගැසට් කිරීම ප්‍රමාදවී තිබුණි.

මෙය ගැසට් කිරීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වීම සඳහා සියයට 75ක අවකාශයක් පවතින අතර නීතිපති උපදෙස් මත එහි ඉදිරි කටයුතු සිදුකිරීමට හැකි බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top