ඉන්දීය විදේශ ලේකම් දිවයිනට

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයශංකර් මහතා ඊයේ (18) දිවයිනට පැමිණ තිබේ. මෙරට විදේශ අමාත්‍යංශ නිළධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්‍යාලයේ නිළධාරීන් ගුවන් තොටුපලට පැමිණ ඔහුව පිළිගෙන තිබේ.

අද(19) දිනයේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද පැවැසේ.

දින තුනක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් මුණගැසී සාකච්ඡා සිදු කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top