යුද අපරාධ පරීක්‍ෂණ ගැන වූ එක්සත් ජාතීන්ගේ තීරණයේ වෙනසක් සිදු නොකළ යුතුයි – සුමන්දිරන්

යුද අපරාධ පරීක්‍ෂණ ගැන වූ එක්සත් ජාතීන් සංවිධානයේ තීරණවල කිසිඳු වෙනසක් සිදු නොකළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසා තිබේ.

පසුගිය සිකුරාදා (17) දින හදිසියේ ජිනීවා සංචාරයක නිරතවූ සුමන්දිරන් මහතා, එක්සත් ජාතීන් මානව හිමිකම් කොමසාරිස් කාර්‍යාලයේදී සහ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, යුරෝපා සංගමයේ එක්සත් ජාතීන් නියෝජිතයන්ව ද හමුවී සාකච්ඡා කර තිබේ.

එහිදී එක්සත් ජාතීන් සංවිධානය විසින් පසුගිය 2015 වසරේ සම්මත කරන ලද යෝජනාව කඩාකප්පල් කිරීමට රජය පියවර ගෙන ඇති බවත්, යුද අපරාධ පරීක්‍ෂණ යාන්ත්‍රණයට විදේශ විනිසුරුවරුන් අවශ්‍ය යැයි සඳහන් කළ නිර්දේශය ඉවත් කිරීම ඇතුළු වෙනස්කම් සිදු කිරීමට රජය උත්සහ කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව පෙන්වාදුන් ඔහු යුද අපරාධ පිළිබඳ එක්සත් ජාතීන් සංවිධානයේ තිරණයෙහි කිසිඳු වෙනසක් සිදු නොකළ යුතු යැයි අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top