මාලඹේ සයිටම් අර්බුදය ගැන ජනපති සමඟ අද විශේෂ සාකච්ඡාවක්

මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සමග අද (20) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

අදාළ සාකච්ඡාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මේ සදහා සයිටම් විද්‍යාලයේ දෙමව්පිය සංසදය ඇතුළු පාර්ශව කිහිපයකගේ සහභාගී වනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top