පිල්ලෙයාන් යලිත් රිමාන්ඩ්

හිටපු නැගෙනහිර මහ ඇමති සහ දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයේ නායක පිල්ලෙයියාන් නොහොත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මාර්තු 06 වැනි දා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් විනිසුරු විනිසුරු එස්.ගනේෂරාජසා මහතා අද (20දා) නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුව අද කැඳවූ අවස්ථාවේ මෙලෙස නියෝග කර තිබේ.

2005 වසරේ දෙසැම්බර් 25 වන දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් දේව මෙභෙයට සහභාගි වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් පිල්ලයාන්ව පසුගිය වසරේ ඔක්තෝබර් 09 වනදා අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top