විමල් වීරවංශ යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින මහින්ද රාජපක්ෂ පාලන සමයේ නිවාස ඇමැතිව සිටි විමල් වීරවංස මහතාව යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කර තිබේ.

මේ අතර එම චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඇප මත මුදාහැර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top