සයිටම් ගැන යහපත් තීරණයක් ගන්නවා – ජනපති

මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්විද්‍යාල පිළිබඳ මතුව ඇති ගැටලුවට සියලුදෙනා සමඟ සාකච්ඡා කර රටට වැදගත් සහ යහපත් තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සයිටම් ආයතනයේ සිසුන්ගේ දෙමාපිය සංසදය සහ වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා ඇතුළු පිරිස සමඟ ඊයේ (20) රාති‍්‍රයේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

මාළඹේ සයිටම් ආයතනය මුල් කර ගනිමින් ශී‍්‍ර ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූව පිළිබඳ එහිදී සාකච්ඡා කළ අතර, මෙම ගැටලුව විසඳීමේදී සියලු පාර්ශවයන් ඉදිරිපත් කරන අදහස් ඉතාමත් අවධානයෙන් සැළකිල්ලට ගෙන එලදායී තීන්දුවකට එළැඹෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top