2000 කට ද්විත්ව පුරවැසිභාවය

ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා අයදුම්පත් යොමුකරන විදෙස්ගත ශ්‍රීලාංකිකයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, මේහේතුවෙන් මාසයක් තුළ පුද්ගලයන් 2000කට ද්විත්ව පුරවැසි සහතික පත් ප්‍රදානය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයාබලන බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා කියා සිටියේය.

විදෙස්ගත ශ්‍රීලාංකිකයන් 1743 දෙනෙකු සඳහා අදදින ද්විත්ව පුරවැසි සහතික පත් ප්‍රදානය කළ අතර, මේවනවිට වත්මන් රජය යටතේ ද්විත්වපුරවැසි සහතික පත් 20,000 ක් ප්‍රදානය කර තිබේ.

විදෙස්ගත ශ්‍රීලාංකිකයන් සඳහා ද්විත්ව පුරවැසි සහතික ප්‍රදානය කිරීමේ අවස්ථාව බත්තරමුල්ල, සුහුරුපායේදී පැවැත්වුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මේබව කීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top