එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 34 වන සැසිවාරය අද ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 34 වන සැසිවාරය අද (27) ආරම්භ වීමට නියමිතව අැත.

මෙම සැසිවාරය මාර්තු මස 24 වන දින දක්වා පැවැත්වෙනු අැති අතර මෙරට සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ විශේෂ වාර්තාවක්ද මෙම සැසියට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

තවද, සුළු ජාතීන්ගේ ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා මෙරටට පැමිණි විශේෂ නියෝජිතවරියගේ වාර්තාවක් ද, පසුගිය වසරේ අප්‍රේල් සහ මැයි මාසවල මෙරට සංචාරයක නිරත වු වදහිංසනය සහ අනෙකුත් කෘර අමානුෂික සැලකිළි හෝ දඞුවම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි නියෝජිතයාගේ වාර්තාවක් ද සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top