උතුරේ අධ්‍යාපන ක්ෂේත්‍රය දේශපාලනීකරණය වෙලා – ශ්‍රී ලංකා දෙමළ ගුරු සංගමයේ මහ ලේකම්

උතුරේ අධ්‍යාපන ක්‍ෂ්‍රේත්‍රය තුළ අද දේශපාලන මැදිහත්වීම් සහ ආධිපත්‍ය බහුලවී තිබේ, අධ්‍යාපනඥයන් සියළු දෙනා මේ සම්බන්‍ධයෙන් නිහඞ පිළිවෙතක් අනුගමනය කරන බව ශ්‍රී ලංකා දෙමළ ගුරු සංගමයේ මහ ලේකම් සරා බුවනේස්වරන් මහතා චෝදනා කර තිබේ.

කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

උතුරේ අධ්‍යාපන ක්‍ෂ්‍රේත්‍රයෙහි පත්වීම් ලබාදීම ඇතුළු සියළු කටයුතු දේශපාලකයන් විසින් හසුරුවන අතර, උතුරේ අධ්‍යාපනය මුළුමනින්ම දේශපාලනීකරණය වී තිබේ. අද උතුරේ අධ්‍යාපනයට දේශපාලන මැදිහත්වීම් විශාල වශයෙන් වැඩිවී තිබේ. නිළධාරින්, විදුහල්පතිවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි තත්වයක් පවතින අතර, පක්‍ෂපාති දේශපාලනය හේතුවෙන් බොහෝ දෙනෙකු බාධාවට පත්විය හැකි තත්වයක් ඇතිවී තිබෙන බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top