කේප්පාපිලවු සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ අරගලයට සහාය පළ කර උරුම්පිරායිහි උද්ඝෝෂණයක්..

කේප්පාපිලවු ඉඩම් නිදහස් කර ගැනීමේ අරගලය සහ අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි ඉල්ලා පවත්වාගෙන යන අරගලයට සහාය පළ කිරීමේ අයුරින් උරුම්පිරායි ප්‍රදේශවාසීන් විසින් අද (26) දින උරුම්පිරායි පලාලි මාර්ගයේ දි උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

අපගේ පාරම්පරික ඉඩම්වල ජීවත්වීමට ඉඩ ලබා දෙනු!, අප ඉල්ලීමට විසඳුමක් නැද්ද?, තවත් කොපමණ කාලයක් අපි අවතැන්වූවන් ලෙස ජීවත්වන්නද?, මෙය අපගේ ඉඩම් මෙහි අපිට ජීවත්වීමට ඉඩ ලබා දෙනු!, යහපාලන රජයෙන් යහපත් දෙය කරනු!, අතුරුදන්වූවන්ගේ අවසානය කුමක් ද?, වැනි සටන් පාඨ ඉදිරිපත් කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයක නිරතවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top