වව්නියාවේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවත්වාගෙන යන උපවාසයට සන්ධ්‍යා එක්නැලිගොඩත් සහය දෙයි

වව්නියාව දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය සඳහා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ද එක් වී තිබේ.

වව්නියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක කර ඇති මෙම උපවාසයට අදට(26) දින තුනක් ගත වන බව සඳහන්ය.

උපවාසයට එක්වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සඳහන් කළේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබාදෙන බවට රජය අවස්ථා ගණනාවකදී පොරොන්දු වුව ද මේ වන තෙක් එය ඉටුවී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් රජය කඩිනමින් සිය අවධානය යොමුකළ යුතු බව ද ඇය සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top