කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් හෙට දින නිදහස් කරනු ලැබේ..

ගුවන් හමුදාව විසින් අත්පත්කරගෙන සිටින කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු ප්‍රදේශවාසීන්ගේ ඉඩම් හෙට දින නිදහස් කරනු ඇති බව මුල්ලතිව් මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් සි. ගුණබාලන් මහතා පවසයි.

පසුගිය දින 29ක් තිස්සේ පිලක්කුඩිඉරුප්පු ජනතාව ඉඩම් නිදහස් කර ගැනීමේ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින අතර, එම ජනතාවගේ ඉඩම් හෙට දින පෙරවරු 11ට පමණ නිදහස් කිරීමට නියමිත බව ලේකම්වරයා පවසා තිබේ.

ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සම්බන්‍ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ඊයේ දින ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ අතර, එම ප්‍රදේශයේ ඉඩම් නිදහස් කිරීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කර තිබුණි. මෙවැනි තත්වයකදී ඉඩම් මිනුම්දෝරු නිළධාරින් අද දින පැමිණ ගුවන් හමුදාවට යටතේ තිබෙන ඉකුත් ඉඩමේ මිනුම් කටයුතු සිදුකළ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top