වව්නියාව පුලියන්කුලම් ප්‍රදේශයේ නිවසක තිබී ගංජා තොගයක් සොයා ගැනේ..

වව්නියාව – පුලියන්කුලම් ප්‍රදේශයේ නිවසක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 31යි ග්‍රෑම් 640ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුලියන්කුලම් ප්‍රදේශයේ නිවසක ගංජා සඟවා ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්‍ෂා කිරීමකින් අනතුරුව ගංජා තොගය සමඟ සැකපිට එම නිවසේ හිමිකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top