කතරගම දේවාලයට අයත් ඉඩම තිරුප්පදි දේවාලයට ?

25562309Untitled-1_CIකතරගම දේවාලයට අයත් ඉඩම ඉන්දියාවේ තිරුපති දේවාලයට ලබාදීමට සූදානමක් පවතින බවට ප්‍රදේශවාසීන් චෝදනා කර තිබේ.

කතරගම නාගදීපය ආසන්නයේ තිබෙන අක්කර 30ක පමණ ඉඩමක් මෙලෙස රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් ලබාදීමට කටයුතු කරමින් සිටින බව ඔවුන් චෝදනා කරයි.

ඊයේ(15) පස්වරුවේ කතරගම දේවාල භූමියට පැමිණි ප්‍රදේශවාසීන් මීට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත වූ අතර, කතරගම බස්නායක නිලමේවරයා සිදුකරන මෙම කටයුත්ත වහාම නතර කිරීමට බලධාරීන් පියවර ගත යුතු යැයි ඉල්ලා තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්‍ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩි.පි.කුමාර මහතා සඳහන් කළේ අදාළ භුමි ප්‍රදේශයේ ගොවිපොළක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර මෙම එල්ල වන චෝදනාව සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top