පුනරුත්තාපනය ලැබූ ද්‍රවිඩ විමුක්ති කොටි නමින් අලුත් පක්‍ෂයක්

පුනරුත්තාපනය ලැබූ ද්‍රවිඩ විමුක්ති කොටි නමින් අලුත් දේශපාලන පක්‍ෂයක් පිහිටුවා තිබේ. මේ සම්බන්‍ධයෙන් පසුගිය 3 වනදා සාම්පූර් බද්‍රකාලි අම්පාල් කෝවිල් පරිශ්‍රයදී පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂයේ නායක කන්දසාමි ඉන්බරාජා පවසා සිටියේ,

පසුගිය පෙබරවාරි 28වනදා මෙම පක්‍ෂය ආරම්භ කළ බවත්, 2009 වසරේ යුද්දය අවසන්වූ පසු රජය විසින් 12 දාහකට අධික කොටි සාමාජිකයන්ට පුනරුත්තාපනය ලබාදුන් බවත්, තම ජීවිතය හැර වෙනත් කිසිවක් ඉතිරිව නැති තත්වයක තම සාමාජිකයන්ගේ ජීවනෝපාය සහ දෙමළ ජනතාවට අහිමිවූ දේශපාලනික අයිතිවාසිකම් ලබාදීමට මෙම පක්‍ෂය පිහිටුවා ඇති බව පවසා සිටියේය.

මෙම පක්ෂය ඔස්සේ උතුරු – නැගෙනහිර පළාත් සීමාවකින් තොරව තම ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top