ජනපතිගේ යාපනය සංචාරයේදී මාධ්‍යවේදීන්ට තර්ජන – යාපනය මාධ්‍ය මධ්‍යස්ථානය

ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයේදී මාධ්‍යවේදීන්ට එල්ලවූ තර්ජනය මාධ්‍ය නිදහසට ඇතිවූ මර්ධනයක් බව යාපනය මාධ්‍ය මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයකදී පවසා තිබේ.

තවද මාධ්‍ය නිදහස හා තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන කතා කරමින් සිටින වත්මන් රජය මාධ්‍යවේදීන්ගේ බෙල්ල තද කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව ද එම වාර්තාවෙහි පෙන්වාදී තිබේ.

අතුරුදන්වූවන්ගේ ඥාතින් විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයේදී, යාපනය දිස්ත්‍රික්ක ශ්‍රේෂ්ඨ පොලිස් අධ්‍යක්‍ෂකවරයා මාධ්‍යවේදීන්ට හා විරෝධතාකරුවන්ට ඉතා නින්දිත පහත් ආකාරයෙන් බැණ වැදීම ගැන ද පෙන්වාදීතිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top