ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ෆෙඩරල් යටතේ බලය බෙදිය යුතුයි – රීටා ඉෂාක් නාඩියා

ශ්‍රී ලංකාවේ පවතින ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ෆෙඩරල් පාලන ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවත්, එමඟින් බලය බෙදිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු ජාතීන් කටයුතු භාර විශේෂ නියෝජිත රීටා ඉෂාක් නාඩියා මහත්මිය පවසයි.

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන් මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරයේදී ඇය මේ බව පවසා තිබේ.

2016 ඔක්තෝම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ අවස්ථාවේ සුළු ජාතික ජනතාව මුහුණ දෙන ගැටළු ගැන සෘජුව ගොස් කරුණු සොයා බැලූ රීටා ඉෂාක් මහත්මිය එය ගැන වාර්තාවක්ද එක්සත් ජාතීන් සංවිධානයට භාරදී තිබේ.

මෙවැනි තත්වයකදී ශ්‍රී ලංකාව පිළිබඳව විවිද සංවිධානවලින් මෙවර මානව හිමිකම් සැසිවාරයේදී වාර්තා රැසක් ඉදිරිපත් කර තිබෙන අතර, එය ගැන වූ ස්ථාවරය ලබන 22වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ විවාදයේදී මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසෛයින් මහතා ප්‍රකාශ කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top