ආහාර විෂවීමකින් සිසුන් 18 ක් රෝහලට

ආහාර විෂ වීමකින් රෝගී වූ පාසල් සිසුන් 18 දෙනෙකු ඊයේ (05) රාත්‍රියේදී තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

විනෝද චාරිකාවක යෙදී සිටි අතරවාරයේ ආහාර විෂ වීමක් නිසා ඇතිවූ ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් මෙලෙස මාතර ප්‍රදේශයේ පාසල් සිසුන් 18 දෙනෙකු තංගල්ල මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ වන විට ප්‍රතිකාර ලැබූ සිසුන් 8 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් තවත් 10 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top