විමල් යළි රක්‍ෂිත බන්‍ධනාගාරයට..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මේ මස 20 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද(06) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.

රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින විමල් වීරවංශ මහතා නීතිඥවරයෙකුගේ සහයක් නොමැතිව අද පෙරවරුවේ අධිකරණයේ පෙනී සිටියේය.

විවෘත අධිකරණය හමුවේ පැය එකහමාරක පමණ ප්‍රකාශයක් ලබාදුන් ඔශු, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොදු දේපළ පනතේ වගන්තිවලට පටහැනි බවද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top