ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි..

ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමු`ථවට සහභාගීවීම සදහා ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දූනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (08) පෙරවරුවේ සිදු විය.

දෙරට අතර සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී නායකයින් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර දෙරටේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් පිළිබඳව ද අවධානය යොමු විය.

එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දූනීසියාව අතර අවබෝධතා ගිවිසුම් දෙකකට ද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි. ශ්‍රී ලංකාව සහ ඉන්දූනීසියාව අතර සමුද්‍රීය හා ධීවර සහයෝගීතාවය පිළිබද අවබෝධතා ගිවිසුමක් සහ සාම්ප්‍රදායික කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාව සදහා වූ අවබෝධතා ගිවිසුමකට මෙලෙස අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දුලීප් වෙදආරච්චි මහතා සහ ඉන්දූනිසියාව වෙනුවෙන් එරට සමුද්‍රීය කටයුතු හා ධීවර අමාත්‍යවරයා ගිවිසුම්වලට අත්සන් තැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top