ඉරණයිතිව් ජනතාවත් අද විරෝධතාවයක..

කිලිනොච්චිය පූනගරි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් ඉරිණතිව් ජනතාව අද බදාදා දින විරෝධතා පාගමනක් පවත්වා තිබේ. තම පාරම්පරික ප්‍රදේශ වන ඉරණයිතිව් ප්‍රදේශයේ තමන්ව නැවැත පදිංචි කරන ලෙස ඉල්ලා මෙලෙස ඔවුන් විරෝධතාවයක නිරතවූහ.

පූනගරි මහා විද්‍යාලය අසලින් ආරම්භ වූ පාගමන පූනගරි ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය දක්වා ගොස් එහිදී ජනාධිපති, උතුරු පළාත් මහ ඇමැති සහ දිස්ත්‍රික්ක ලේකම්වරයා වෙත යැවීමට සඳහා වූ සංදේශයක් ද ප්‍රාදේශිය ලේකම් ක්‍රිස්නරාජා වෙත භාරදුන්හ.

ඉරණතිව් ප්‍රදේශය 1992 වසරේ සිට සම්පූර්ණයෙන් නාවික හමුදාව යටතේ තිබෙන අතර, එම ප්‍රදේශයෙන් අවතැන්ව ගිය ජනතාව පූනගරි මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචිව සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top