කොළඹ විශ්වවිද්‍යාල සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් – සිසුන් පිරිසකට සරසවි භූමියට ඇතුල්වීම තහනම්

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (08) රාත්‍රී සිදුවූ ගැටුමකින් පසු විශ්වවිද්‍යායේ ශාස්ත්‍ර පීඨයේ 02,03 සහ 04 යන වසරයන්හි සිසුන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම තාවකාලික තහනම් කර ඇති බව වාර්තාවේ.

බොරැල්ලේ පිහිටි නේවාසිකාගාරය තුළදී මෙලෙස සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ. අදාළ අධ්‍යයන වසර වල අධ්‍යයන කටයුතු ද තාවකාලිකව නතර කර ඇති අතර අදාළ ගැටුම හේතුවෙන් තුවාල ලැබූ සිසුන් හතර දෙනෙකු කොළඹ ජාතික රෝහලලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top